සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රදේෂශිය ලේකම් කොට්ඨාශයට අයත් දියබොට ගම්පත්තුවේ කැම්පනේ ග්‍රාමසේවා වසමේ පිහිටි රමනීය කදුපන්තියකින් වටවූ ගොඩවෙල නම් කුඩා ගම්මනය ගොවිතැන ජීවනෝපාය කරගත් පවුල් රැසක ගැමි ජනතව ජීවත් උහ. ඒ දරුවන්ද දෙමාපිය අඩිපරෙ යමින් එම කටයුතුවල නිටරත වුහ.නුවණැති දෙමපියන් කිහිප දෙනෙකුගේ මුලිකත්වයෙන් එම්.ජි.බ්.වික්‍රම රත්න, ඩබ්.ඩබ්.ජෙම්ස් අප්පුහාමි, එම්.සී.පොඩි අප්පු හාමි, ඩබ්.ඒ.පොඩි අප්පුහාමි, ඩබ්.ඇලඩින් ඩිංගි අප්පුහාමි, ඒ හේන්දික් අප්පුහාමි ඩබ්.මැන්ඩිස් අප්පුහාමි යන අයගේ උනන්දුව මත ගමට පසලක් අරම්බ කිරිමේ පුණ්‍ය කර්මය සිදුකරන්නට විය. ඒ අනුව දැනට ගොඩවෙල සමූපකාර ප්‍රදේශයේ පිහිටි බෝධිරාජරමය නමින් 1959.05.04 දින පාසල ආරම්භ කෙරින.මෙම ස්ථානයේ මාස දෙකක් පමන පාසල කරගෙන යන අවස්තාවේ පාසල පවත්වගෙන යන ස්ථානය වෙනුවට එම ඉඩමට පහලින් තිබුනු පාතනිල්ගාවහේන නමැති ඉඩමට ගෙන යාමට එම ඉඩමට අයත් ඇඹිලිපිටිය පදිංචි ඩී.ජේ.ආර්.දිසනායක මහතා (කෝරලෙ රාලහාමි) විසින් කටයුතු කරනා ලදී. ඉන් පසුව පාසල එම ස්තනයේ ඇතිකරන ලද ගොඩනැගිල්ල පවත්ව ගෙනයනු ලැබිය. එම ස්ථානය පසුවද පවත්වන ස්ථිර ස්ථානය බවට පත්විය.පස්සුව එතුමා ඉඩම පාසලට පරිත්‍යාග කරන ලදි.ඒඅනුව එතුම විශාල සේවයක් පාසලවෙනුවෙන් කර ඇත.
පාසල අරම්භක අවස්තවේදී එහි මුල් ගුරුවරයා එවකට ගම් ප්‍රදෙශයේ උගත් තරුණ මහත්මයෙකු ලෙස සිටි ගමකන්ද ගමේ පදිංචිව සිටි ඩබ්ල්ව්.ආරියදස මහතා කටයුතු කරන ලදි. ඉන්පසු හැටේ දශකයේදි පාසල් රජයට පවර ගැනීම අනුව මෙම පාසල ද 1960 වර්ෂයේදි රජයේ ලියපදිංචි කළ පාසලක් බවට පත්විය. ඒ අනුව මේ වන විට ගුරු මණ්ඩලටයට කේ.ජයාසිංහ,එම්.එම්.ඒ.විජෙසේකර යන මහත්මයන් දෙදෙනා සමග මුල් ගුරු ඩබ්ලිව්.ආරියදස මහතා ද විද්‍යලයේ ගුරු මණ්දඩලය ල්‍ර්ස කටයුතු කළහ. ඉන් පසුව කිසියම් ස්තාවර තත්වයකින් යුතුව තවත් පාසල් ගුරුවරුන් එකතු වුහ. 1961වන විට ළමුන් 120ක් පමණ සංඛ්‍යවක් පාසලේ ඉගෙනුම ලැබුහ.
1967 පමණ වන විට ළමුන් 275ක් පමන ඉගෙනුම ලැබූ අතර ගුරුබවතුන් හත්දෙනෙක් පමන සේවය කලහ.මේ අවස්ථාව වන විට 8 වන ශේණිය දක්වා පංති පැවැත්වුණි. 1975 පමණ වන විට විද්‍යාලයේ ඉගෙනුම ලැබු ළමුන්ට MCGE විභගයට පලළමු වරට ළමුන් පෙනිසිට හොද ප්‍රතිඵල පෙන්ව ඇත.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් විම,අ.පො.ස.(සා.පෙළ) විභාගය 2008 වර්ෂය වන විට සියලුම විෂයයන් සදහා ප්‍රතිශතාත්මක වර්ඩනයක් වීමත් ඉන් බහුතරයකට අ.පො.ස(උ.පෙළ) හැදෑරිමට හැකිවීම මෙම පාසල් ලද භාග්‍යටකි. එසේම අ.පො.ස(උ.පෙළ) විභාගයෙන් සමත් වී විශ්ව විද්‍යලය හා විද්‍යපීඨ වරම් ලැබිමත් අඛන්ඩව හිමි විම පාසල ලැබු ජයග්‍රහනාකි.එසේම විෂය බාහිර තරහ අතර සංගීත තරග,සමණළ උයන, සිංහල භාෂා හා සාහිත්‍ය තරග, ක්‍රිඩා,ඉංග්‍රීසි,සමුපාකාර පදන්මේ තරග,මානව හිමිකම් තරග,සුවසර තක්ෂලා තරග, කෘෂිකර්ම ජයග්‍රහණ ලැබීමත් සමස්ත ලංකා නැටුම් තරග ජයග්‍රහණ ලබා ගැනිම, වලවේ උරුමය නැටුම් තරග ජයග්‍රහණ ලබාගැනිමට විදුහල් මතාව ලැබු අනගිභවනීය අවස්තාවක් ලෙස සැලකිය හැකිය.
|
ආරම්භ කළ වර්ෂය |
1959 මාර්තු 4 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
03 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩබ්.ආරියදාස මයා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
බෝධිරාජරාමය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
සමූපකාර භූමිය |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
පී.ඒ.වික්‍රමරත්න,ඩබ්.ඩබ්.තිලකරත්න |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
- |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
- |
{QF3=5}